සඳ මත පා තැබූ පළමු මිනිසා නැවත තම යානයට ඇතුළු වීමට පෙර සඳ මත දී, මෙසේ කීවේය. "Gorsky මහත්මයා ඔබට මගෙන් සුභ පැතුම්!!"...
NASA ආයතනයේ සේවය කළ අයට "Gorsky" මහත් ප්‍රහේලිකාවක් විය. එය රුසියානු ජාතික ගගනගාමියකුට නීල් ආම්ස්ට්‍රෝං විසින් කරන ලද හුදු ප්‍රකාශයක් යැයි සිතුනද කුතුහලය දනවන්නක් විය. සොයා බැලූ සගයන්ට දැන ගන්නට ලැබුණේ Gorsky කියා අභ්‍යවකාශ ක්ෂේත්රය සම්බන්ධ ඇමරිකානුවෙකු හෝ රුසියානුවෙකු නොමැති බවකි...
NASA ආයතනයේ සේවය කළ අයට "Gorsky" මහත් ප්‍රහේලිකාවක් විය. එය රුසියානු ජාතික ගගනගාමියකුට නීල් ආම්ස්ට්‍රෝං විසින් කරන ලද හුදු ප්‍රකාශයක් යැයි සිතුනද කුතුහලය දනවන්නක් විය. සොයා බැලූ සගයන්ට දැන ගන්නට ලැබුණේ Gorsky කියා අභ්‍යවකාශ ක්ෂේත්රය සම්බන්ධ ඇමරිකානුවෙකු හෝ රුසියානුවෙකු නොමැති බවකි...
නීල් ආම්ස්ට්‍රෝංගෙන් මාධ්‍යය කෙතරම් මේ පිළිබඳ ව විමසුවත් ඔහු කිසිවක් පැවසුවේ නැත. ඒ නිසාම ඔහු පැවසූ දෙයින් ඇඟවූයේ කුමක් දැයි දැනගැනීමේ කුතුහලය තව තවත් වැඩි විය. 1995 වසරේ නොවැම්බරයේ දවසක එක්තරා සම්මුඛ සාකච්ඡාවදී මාධ්‍යවේදියෙකු එම පුරස්නය නැවත විමසන ලදී.
"ඔබගෙන් මම වසර 26 ක් පැරණි ප්රශ්නය අහනවා.. එදා ඔබ - Gorsky මහත්මයා ඔබට මගෙන් සුභ පැතුම්! - කියා අදහස් කළේ?"
"ඔව්... Gorsky මහත්මයා දැන් ජීවතුන් අතර නැති නිසා මට මෙයට පිළිවදන් දිය හැකි යැයි සිතනවා" යැයි කියමින් පැහැදිලි කිරීම පටන් ගත්තේ ය.
"මම පොඩි කාලේ ඉඳලා මට තිබුණු හීනයක් තමයි කවද හරි හඳට යන එක.. ඒ ගැන මම නිතරම කතා කළා. කොහොම හරි අපේ නිවසට යාබද නිවසෙ ජීවත් උනේ Gorsky මහත්මයා හා එම මහත්මිය.
මායි මල්ලියි මිදුලෙ බේස් බෝල සෙල්ලම් කරද්දි නිතර ම බෝලේ ඒ වත්තට යනවා.. වීදුරු බිඳලා බැනුම් අහලත් තියෙනවා.
එක දවසක් සෙල්ලම් කරද්දි මල්ලි ගහපු පාරකට බෝලේ ගියා එහා වත්තට.. බෝලේ නැවතුනේ ඔවුන්ගෙ නිදන කාමරයෙ ජනේලය ළඟ. මම හිමින් සැරේ බෝලේ ගන්න ළඟට යද්දි ඇහුනා Gorsky මහත්මයයි මහත්මියයි බැන ගන්නවා.
...Gorsky මහත්මයගෙ යම්කිසි ඉල්ලීමකට Gorsky මහත්මිය දුන්නේ මේ වගේ ප්‍රතිචාරයක්, ''oral sex? oral sex ද තමුසෙට ඕනේ? එහා ගෙදර පොඩි එකා හඳට ගියොත් නම් තමුසෙට හම්බෙයි, @#$#!!''.
මේක ඇහුනම මම කලකිරීමට පත් උනා... මගේ අරමුණ අනිත් අයට විහිළුවක් නිසා.. එදා මම හිතට ගත්තා මගේ ඉලක්ක වලට මම කොහොම හරි යනවා කියලා!
උනන්දුව බෝ කිරීමට කියවූ ඔබටත් යමක් එකතු කළ හැකි නම් අගනේය...
උනන්දුව බෝ කිරීමට කියවූ ඔබටත් යමක් එකතු කළ හැකි නම් අගනේය...
වැදගත් පොස්ට් එකක්. නියමයි. වටිනා පණිවිඩයක්. සුබපැතුම් ආදරණීය මිත්‍රයා. ජය....!
ReplyDeleteස්තූතියි සහෝ. ඔබටත් ජය....! :)
Deleteබලපන් නේද..බැරිවෙලාවත් ඕකා ඕක නොකිව්වනම් නිල් මාමා හඳට යන්නේ නෑනේ!
ReplyDeleteසිරා මචං..ඇත්ත කතාව..ඕනෙම ඉලක්කයකට උත්ප්‍රේරකයක් අවශ්‍යයි!
සිරාවටම.. ස්තූතියි මචං!
Deletemata nam hithenne Siyalu Karmayan sandaha Chethanawa hethu wana bawai......its like,,"Chethahambikkawe....Kamman wadami...."
ReplyDeleteඒක ඇත්ත මචං.. ස්තූතියි කොමෙන්ටුවට!
Delete