Showing posts with label පළමු වන ලේබලය. Show all posts
Showing posts with label පළමු වන ලේබලය. Show all posts

Wednesday, April 2, 2014

වෙබ් අඩවියක් හදමු! Let's make a website!

[Test Post]
එකයි.. දෙකයි.. තුනයි..! හ්ම්.. අන්තිම පෝස්ට් එක ලියලා ලබන මාසෙට අවුරුද්දකුත් වෙන්න යනවා. කාලය ගෙවිලා ගිය වේගෙ හිතා ගන්නවත් බැහැ.

කෝමෙන් කොහොම හරි අවුරුද්දත් ළඟ ළඟම එනවා. සයිබර් බක්මහ උළෙල අප්‍රියෙල් 20 තියෙනවලු.

හරි, අපි දැන් මාතෘකාවට බහිමු. මේ ලිපියෙන් මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ, මම වෙබ් සයිට් එකක් හදන්න යද්දී ඉගෙන ගත්තු, තාමත් ඉගෙන ගන්නා දේවල් සහ ලබාපු අත්දැකීම් ගැන පෙළගැස්මක්. වෙබ් ඩිවලොපින් ගැන මුකුත්ම නොදන්නා කෙනෙකුට මේ දේවල් වලින් යම් කිසි අවබෝධයක් ලබා ගන්න උදව්වක් වෙයි කියලා හිතනවා.

මතු සම්බන්දයි! සම්පුර්ණ ලිපිය ළඟදීම බලාපොරොත්තු වන්න.

Saturday, February 23, 2013

මනස තියෙන්නෙ කොයි ලෝකෙද!



අපිට එක දවසක් දේශනයක දී මනස ගැන කිව්වේ, ශරීරය කියන්නෙ සෛල මල්ලක්, ඒකෙ ඕනම තැනක මනස තියෙන්න පුළුවන් කියලා. පංති ඉවර වෙලා ගෙදර එන අතර මම ඉතින් පැය දෙකක් බස් එකේ නිදා ගන්න එපැයි.. එදා ඉතින් නිදා ගන්න එක පැත්තකින් තියලා කල්පනා සාගරේ ගිලෙන ගමන් සීට් එකට හේත්තුවක් දාගෙන ගලප ගන්න හැදුවේ මනස තියෙන්නෙ කොයි ලෝකෙද කියලා!


මම ඉතින් පොඩි කාලේ ඉදන් වයර් කෑලිත් එක්කනේ නැටුවෙ.. ඉතින් නොදැනුවත්ව ම මනස තියෙන්නෙ කොහෙද කියන එකට උත්තරේ ගලපන්න උදාහරණයට ගත්තෙත් ඒවම තමා.


අපේ සිරුර ගත්තම යන්තරයක් නේ..මම දන්න විදියට මොළය නැවතුනොත් දෙයියන්ගෙ පිහිටයි! හෘද වස්තුව නැවතුනොත් එහෙම නෙමෙයි, මොළය වැඩ නම් අරවා මෙව්වා කරලා සමහර වෙලාවට ගොඩ දාන්න පුළුවන්නේ. 


මුලිකව ‍ගත්තම 'මොළය' තියෙන්න ඕනා. ඒක වැඩ කරන්න ශක්තිය තියෙන්න ඕනා. මම හිතපු විදිය‍ට මොළය වැඩ කරන්න පටන් ගන්නෙ කොයි වෙලාවෙද ඒ මොහොතෙම "මනස" උපදිනවා. ප්රාථමික අවස්ථාවේ මනසට පැවැත්මක් තියෙන්නෙ මොළය වැඩ කරනකන් විතරයි.


වයර් කෑල්ලක්, බැටරි කෑල්ලක්, බල්බ් එකක් තියෙනව කියලා හිතන්නකො. මේ එක එකක් වෙන වෙනම ගත්තම දේවල් ටිකක් විතරනේ.. ඒ ටික පිළිවෙලකට එකතු කළොත්. ප්රධාන ලෙස ආලෝකය උපදිනවා (අමතරව තාපය).


ඒ වගේ තමයි මනස. ප්රධාන පද්ධති ටික පිළිවෙලකට එකතු වුනාම මනස උපදිනවා. 'මොළය' වෙනුවට සෛලයක් උනත් හිලවු (ප්‍රතිස්ථාපනය) කරගන්න, එහෙම බැලුවම "ශරීරය කියන්නෙ සෛල මල්ලක්, ඒකෙ ඕනම තැනක මනස තියෙන්න පුළුවන්" කියන කතාවෙ වරදක් නැහැ වගේ...

ඊට පස්සෙ මම හිතුවා මනසෙ පැවැත්ම ගැන.. ඒ ටික වෙනම ලිපියකින්!

Tuesday, January 29, 2013

Gorsky ඔබට මගේ සුභ පැතුම්!

සඳ මත පා තැබූ පළමු මිනිසා නැවත තම යානයට ඇතුළු වීමට පෙර සඳ මත දී, මෙසේ කීවේය. "Gorsky මහත්මයා ඔබට මගෙන් සුභ පැතුම්!!"... 
NASA ආයතනයේ සේවය කළ අයට "Gorsky" මහත් ‍ප්‍රහේලිකාවක් විය. එය රුසියානු ජාතික ගගනගාමියකුට නීල් ආම්ස්ට්‍රෝං විසින් කරන ලද හුදු ප්‍රකාශයක් යැයි සිතුනද කුතුහලය දනවන්නක් විය. සොයා බැලූ සගයන්ට දැන ගන්නට ලැබුණේ Gorsky කියා අභ්‍යවකාශ ක්ෂේත්‍රය සම්බන්ධ ඇමරිකානුවෙකු හෝ රුසියානුවෙකු නොමැති බ‍වකි...

නීල් ආම්ස්ට්‍රෝංගෙන් මාධ්‍යය කෙතරම් මේ පිළිබඳ ව විමසුවත් ඔහු කිසිවක් පැවසුවේ නැත. ඒ නිසාම ඔහු පැවසූ දෙයින් ඇඟවූයේ කුමක් දැයි දැනගැනීමේ කුතුහලය තව තවත් වැඩි විය. 1995 වසරේ නොවැම්බරයේ දවසක එක්තරා සම්මුඛ සාකච්ඡාවදී මාධ්‍යවේදියෙකු එම පුරස්නය නැවත විමසන ලදී.

"ඔබගෙන් මම වසර 26 ක් පැරණි ප්‍රශ්නය අහනවා.. එදා ඔබ - Gorsky මහත්මයා ඔබට මගෙන් සුභ පැතුම්! - කියා අදහස් කළේ?"

"ඔව්... Gorsky මහත්මයා දැන් ජීවතුන් අතර නැති නිසා මට මෙයට පිළිවදන් දිය හැකි යැයි සිතනවා" යැයි කියමින් පැහැදිලි කිරීම පටන් ගත්තේ ය.

"මම පොඩි කාලේ ඉඳලා මට තිබුණු හීනයක් තමයි කවද හරි හඳට යන එක.. ඒ ගැන මම නිතරම කතා කළා. කොහොම හරි අපේ නිවසට යාබද නිවසෙ ජීවත් උනේ Gorsky මහත්මයා හා එම මහත්මිය. 
මායි මල්ලියි මිදුලෙ බේස් බෝල සෙල්ලම් කරද්දි නිතර ම බෝලේ ඒ වත්තට යනවා.. වීදුරු බිඳලා බැනුම් අහලත් තියෙනවා.
එක දවසක් සෙල්ලම් කරද්දි මල්ලි ගහපු පාරකට බෝලේ ගියා එහා වත්තට.. බෝලේ නැවතුනේ ඔවුන්ගෙ නිදන කාමරයෙ ජනේලය ළඟ. මම හිමින් සැරේ බෝලේ ගන්න ළඟට යද්දි ඇහුනා Gorsky මහත්මයයි මහත්මියයි බැන ගන්න‍වා.

...Gorsky මහත්මයගෙ යම්කිසි ඉල්ලීමකට Gorsky මහත්මිය දුන්නේ මේ වගේ ප්‍රතිචාරයක්, ''oral sex? oral sex ද තමුසෙට ඕනේ? එහා ගෙදර ‍පොඩි එකා හඳට ගියොත් නම් තමුසෙට හම්බෙයි, @#$#!!''.
මේක ඇහුනම මම කලකිරීමට පත් උනා... මගේ අරමුණ අනිත් අයට විහිළුවක් නිසා.. එදා මම හිතට ගත්තා මගේ ඉලක්ක වලට මම කොහොම හරි යනවා කියලා!

උනන්දුව බෝ කිරීමට කියවූ ඔබටත් යමක් එකතු කළ හැකි නම් අගනේය...









Wednesday, January 23, 2013

සිරස්තලය

කාලෙක ඉදලා හිතන් හිටියා බ්ලොග් එකක් ලියන්න. කෝමෙන් කෝමහරි වැඩේ කල් ගියා. දැන් මේ වෙනකොට ඕන කරන හැමදේම වගේ තියෙනවා, හා හා පුරා කියලා ලියන්න මාතෘකාවක් තමයි හිතා ගන්න අමාරු..
කාලෙකට ඉස්සර ලියන්න මාතෘකාවක් නම් තිවුනා. ඒ කොටස් වෙළඳපොළ ආයෝජනය ගැන.. ඒ ගැන ලියන්න හිතුනෙ මම ඒක ගැන හොයන්න සෑහෙන කට්ටක් කාපු නිසා. අනිත් අයට මම අමාරුවෙන් දැන ගත්ත දේ කියන්න. බලාගෙන ගියාම ඕන තරම් පිටු තියෙනවා සිංහලෙන් ඒ ගැන ලියලා.
අනාගතේ දවසක පිටුවකට හරවත් රසවත් දෙයක් අරගෙන එන්නම්!
කොහොම හරි අද තමයි මම බ්ලොග්කරනයට එන පළමු දවස.

 සිරස්තලය ගැන කතා කළොත් ඒක මගේ අදහසක්. එකයි දෙකයි තුනයි.. කියලා කියන කොට මුලින් හිතට එන්නේ ගණන් කරනවා වගේ අදහසක්. ඒත් ඊට පස්සෙ එකයි දෙකයි තුනයි කියන කොට දැනෙන්නෙ එකයි දෙකයි එකතු කිරීම තුනයි කියලා. හරියට පහළ පිංතූරෙ තියෙන දෘෂ්ටි මායාව වගේ...



එකයි දෙකයි තුනයි ගැන ඔයාලටත් දැනුන විධිය කොමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා.. හැමෝම හැමදේම දකින්නෙ එකම විදියට නෙමෙයි වෙන්න පුළුවන්! ස්තූතියි කියෙව්වාට!

‍