Thursday, January 31, 2013

ආශංසනය

සිනහව සඟවා ගත්
සුදු පිරුවට හැඳ ගත්
දෛවය දරා ගත්

වළා අතරින්
ඉදිරියට ඇදෙනා
සුරංගනාවී

තනිවී සිට දෝ
බෝ දුර පැමිණියේ
මා සොයා

වෙන දෙයකට සාර්ථකව
මුහුණ දෙන්නම්
එය නම් නියමය

හදවතින්ම පිළිගනිමි
ආදරයෙන් සිප ගනිමි
දැන්වත් සිනා වුව මැනවි

සුරංගනාවී...

7 comments:

  1. හ්ම්ම් හ්ම්ම්..කොල්ලට හරි ගිහින්ද එතකොට ඈ??

    ReplyDelete
  2. ෂා... අදහස නියමයි. ජය...!

    ReplyDelete
  3. jmad, Pradeep Gunarathna, Vinod Nilantha; ස්තූතියි!

    ReplyDelete
  4. Sranganav.....
    oba aythi sura lowatai.....
    manu lowata nam nowei.......
    .............................
    Ape ahinsaka kollage mal hitha.....
    kada nodamanu manavi kisi dina....
    .............................
    Suranganavi.....

    ReplyDelete