Thursday, January 31, 2013

ආශංසනය

සිනහව සඟවා ගත්
සුදු පිරුවට හැඳ ගත්
දෛවය දරා ගත්

වළා අතරින්
ඉදිරියට ඇදෙනා
සුරංගනාවී

තනිවී සිට දෝ
බෝ දුර පැමිණියේ
මා සොයා

වෙන දෙයකට සාර්ථකව
මුහුණ දෙන්නම්
එය නම් නියමය

හදවතින්ම පිළිගනිමි
ආදරයෙන් සිප ගනිමි
දැන්වත් සිනා වුව මැනවි

සුරංගනාවී...

Tuesday, January 29, 2013

Gorsky ඔබට මගේ සුභ පැතුම්!

සඳ මත පා තැබූ පළමු මිනිසා නැවත තම යානයට ඇතුළු වීමට පෙර සඳ මත දී, මෙසේ කීවේය. "Gorsky මහත්මයා ඔබට මගෙන් සුභ පැතුම්!!"... 
NASA ආයතනයේ සේවය කළ අයට "Gorsky" මහත් ‍ප්‍රහේලිකාවක් විය. එය රුසියානු ජාතික ගගනගාමියකුට නීල් ආම්ස්ට්‍රෝං විසින් කරන ලද හුදු ප්‍රකාශයක් යැයි සිතුනද කුතුහලය දනවන්නක් විය. සොයා බැලූ සගයන්ට දැන ගන්නට ලැබුණේ Gorsky කියා අභ්‍යවකාශ ක්ෂේත්‍රය සම්බන්ධ ඇමරිකානුවෙකු හෝ රුසියානුවෙකු නොමැති බ‍වකි...

නීල් ආම්ස්ට්‍රෝංගෙන් මාධ්‍යය කෙතරම් මේ පිළිබඳ ව විමසුවත් ඔහු කිසිවක් පැවසු නැත. ඒ නිසාම ඔහු පැවසූ දෙයින් ඇඟවූයේ කුමක් දැයි දැනගැනීමේ කුතුහලය තව තවත් වැඩි විය. 1995 වසරේ නොවැම්බරයේ දවසක එක්තරා සම්මුඛ සාකච්ඡාවදී මාධ්‍යවේදියෙකු එම පුරස්නය නැවත විමසන ලදී.

"ඔබගෙන් මම වසර 26 ක් පැරණි ප්‍රශ්නය අහනවා.. එදා ඔබ - Gorsky මහත්මයා ඔබට මගෙන් සුභ පැතුම්! - කියා අදහස් කළේ?"

"ඔව්... Gorsky මහත්මයා දැන් ජීවතුන් අතර නැති නිසා මට මෙයට පිළිවදන් දිය හැකි යැයි සිතනවා" යැයි කියමින් පැහැදිලි කිරීම පටන් ගත්තේ ය.

"මම පොඩි කාලේ ඉඳලා මට තිබුණු හීනයක් තමයි කවද හරි හඳට යන එක.. ඒ ගැන මම නිතරම කතා කළා. කොහොම හරි අපේ නිවසට යාබද නිවසෙ ජීවත් උනේ Gorsky මහත්මයා හා එම මහත්මිය. 
මායි මල්ලියි මිදුලෙ බේස් බෝල සෙල්ලම් කරද්දි නිතර ම බෝලේ ඒ වත්තට යනවා.. වීදුරු බිඳලා බැනුම් අහලත් තියෙනවා.
එක දවසක් සෙල්ලම් කරද්දි මල්ලි ගහපු පාරකට බෝලේ ගියා එහා වත්තට.. බෝලේ නැවතුනේ ඔවුන්ගෙ නිදන කාමරයෙ ජනේලය ළඟ. මම හිමින් සැ බෝලේ ගන්න ළඟට යද්දි ඇහුනා Gorsky මහත්මයයි මහත්මියයි බැන ගන්න‍වා.

...Gorsky මහත්මයගෙ යම්කිසි ඉල්ලීමකට Gorsky මහත්මිය දුන්නේ මේ වගේ ප්‍රතිචාරයක්, ''oral sex? oral sex ද තමුසෙට ඕනේ? එහා ගෙදර ‍පොඩි එකා හඳට ගියොත් නම් තමුසෙට හම්බෙයි, @#$#!!''.
මේක ඇහුනම මම කලකිරීමට පත් උනා... මගේ අරමුණ අනිත් අයට විහිළුවක් නිසා.. එදා මම හිතට ගත්තා මගේ ඉලක්ක වලට මම කොහොම හරි යනවා කියලා!

උනන්දුව බෝ කිරීමට කියවූ ඔබටත් යමක් එකතු කළ හැකි නම් අගනේය...









Wednesday, January 23, 2013

සිරස්තලය

කාලෙක ඉදලා හිතන් හිටියා බ්ලොග් එකක් ලියන්න. කෝමෙන් කෝමහරි වැඩේ කල් ගියා. දැන් මේ වෙනකොට ඕන කරන හැමදේම වගේ තියෙනවා, හා හා පුරා කියලා ලියන්න මාතෘකාවක් තමයි හිතා ගන්න අමාරු..
කාලෙකට ඉස්සර ලියන්න මාතෘකාවක් නම් තිවුනා. ඒ කොටස් වෙළඳපොළ ආයෝජනය ගැන.. ඒ ගැන ලියන්න හිතුනෙ මම ඒක ගැන හොයන්න සෑහෙන කට්ටක් කාපු නිසා. අනිත් අයට මම අමාරුවෙන් දැන ගත්ත දේ කියන්න. බලාගෙන ගියාම ඕන තරම් පිටු තියෙනවා සිංහලෙන් ඒ ගැන ලියලා.
අනාගතේ දවසක පිටුවකට හරවත් රසවත් දෙයක් අරගෙන එන්නම්!
කොහොම හරි අද තමයි මම බ්ලොග්කරනයට එන පළමු දවස.

 සිරස්තලය ගැන කතා කළොත් ඒක මගේ අදහසක්. එකයි දෙකයි තුනයි.. කියලා කියන කොට මුලින් හිතට එන්නේ ගණන් කරනවා වගේ අදහසක්. ඒත් ඊට පස්සෙ එකයි දෙකයි තුනයි කියන කොට දැනෙන්නෙ එකයි දෙකයි එකතු කිරීම තුනයි කියලා. හරියට පහළ පිංතූරෙ තියෙන දෘෂ්ටි මායාව වගේ...



එකයි දෙකයි තුනයි ගැන ඔයාලටත් දැනුන විධිය කොමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා.. හැමෝම හැමදේම දකින්නෙ එකම විදියට නෙමෙයි වෙන්න පුළුවන්! ස්තූතියි කියෙව්වාට!