Friday, May 17, 2013



මිනිසුන් චිත්‍රපට නිපදවයි
ඒවා දෙස බලා සිටියි
අත්පුඩි ගසයි
හඬයි, සිනාසෙයි
හඬමින් සිනාසෙයි
එය තුළ ජීවත් වීමට සිතයි
නමුත් දැනටමත්
ඔවුන් රඟන රංගනය
අමතක වී ඇති සෙයකි..

(පිංතූරය ලබා ගත්තේ www.eventnu.com වෙතින්.)

Saturday, February 23, 2013

මනස තියෙන්නෙ කොයි ලෝකෙද!



අපිට එක දවසක් දේශනයක දී මනස ගැන කිව්වේ, ශරීරය කියන්නෙ සෛල මල්ලක්, ඒකෙ ඕනම තැනක මනස තියෙන්න පුළුවන් කියලා. පංති ඉවර වෙලා ගෙදර එන අතර මම ඉතින් පැය දෙකක් බස් එකේ නිදා ගන්න එපැයි.. එදා ඉතින් නිදා ගන්න එක පැත්තකින් තියලා කල්පනා සාගරේ ගිලෙන ගමන් සීට් එකට හේත්තුවක් දාගෙන ගලප ගන්න හැදුවේ මනස තියෙන්නෙ කොයි ලෝකෙද කියලා!


මම ඉතින් පොඩි කාලේ ඉදන් වයර් කෑලිත් එක්කනේ නැටුවෙ.. ඉතින් නොදැනුවත්ව ම මනස තියෙන්නෙ කොහෙද කියන එකට උත්තරේ ගලපන්න උදාහරණයට ගත්තෙත් ඒවම තමා.


අපේ සිරුර ගත්තම යන්තරයක් නේ..මම දන්න විදියට මොළය නැවතුනොත් දෙයියන්ගෙ පිහිටයි! හෘද වස්තුව නැවතුනොත් එහෙම නෙමෙයි, මොළය වැඩ නම් අරවා මෙව්වා කරලා සමහර වෙලාවට ගොඩ දාන්න පුළුවන්නේ. 


මුලිකව ‍ගත්තම 'මොළය' තියෙන්න ඕනා. ඒක වැඩ කරන්න ශක්තිය තියෙන්න ඕනා. මම හිතපු විදිය‍ට මොළය වැඩ කරන්න පටන් ගන්නෙ කොයි වෙලාවෙද ඒ මොහොතෙම "මනස" උපදිනවා. ප්රාථමික අවස්ථාවේ මනසට පැවැත්මක් තියෙන්නෙ මොළය වැඩ කරනකන් විතරයි.


වයර් කෑල්ලක්, බැටරි කෑල්ලක්, බල්බ් එකක් තියෙනව කියලා හිතන්නකො. මේ එක එකක් වෙන වෙනම ගත්තම දේවල් ටිකක් විතරනේ.. ඒ ටික පිළිවෙලකට එකතු කළොත්. ප්රධාන ලෙස ආලෝකය උපදිනවා (අමතරව තාපය).


ඒ වගේ තමයි මනස. ප්රධාන පද්ධති ටික පිළිවෙලකට එකතු වුනාම මනස උපදිනවා. 'මොළය' වෙනුවට සෛලයක් උනත් හිලවු (ප්‍රතිස්ථාපනය) කරගන්න, එහෙම බැලුවම "ශරීරය කියන්නෙ සෛල මල්ලක්, ඒකෙ ඕනම තැනක මනස තියෙන්න පුළුවන්" කියන කතාවෙ වරදක් නැහැ වගේ...

ඊට පස්සෙ මම හිතුවා මනසෙ පැවැත්ම ගැන.. ඒ ටික වෙනම ලිපියකින්!

Thursday, February 14, 2013

උභය ලිංගිකත්වය විනිවිද දුටිමි! (Viewer Discretion Is Advised)


වැදගත් යැයි හැගෙන, කෙටි පණිවුඩ වලින් කරන සංවාද, ලියා තැබීමේ පුරුද්දක් මට තිබුණේ ය. යහළු ව සිටි කෙල්ල සමග හුවමාරු කර ගත් සමහර කෙටි පණිවුඩ මෙන් ම විවිධ දේවල් ගැන යහළුවන් සමග කරන ලද කතා ද එහෙන් මෙහෙන් දිනපොත් හී සටහන් කර ඇත.

සමාජයේ ජීවත් වන විට විවිධ ස්වරූපයේ පුද්ගලයන් අපට මුණ ගැසේ. ඒ ඔබ ද මම ද ඇතුළුව නානා ප්රකාර මිනිසුන්ගෙන් සමාජය සමන්විත වන බැවිනි. ඒ විවිධත්වය පිළිබද අප සතු දැනීම හා නිවැරදි ආකල්ප අන් අය සමග ගනුදෙනු කිරීමේ දී ප්රයෝජනවත් වේ. පහත කතාබහ ඔබගේ දැනීම පුළුල් කර වීමට හා මේ සම්බන්ධ ගැටළු දෙස නව කෝණයකින් බැලීමට ඉවහල් වේ යැයි සිතමි.

මොහු මාගේ මිතුරෙකු වන අතර කලකට පසු ඔහු විවාහ වූයේ ය. දැන් ඔහු කුමක් කරනවා දැයි නොදනිමි.

මෙතැන් සිට කතාව ආරම්භ වේ!

මෙයට අදාල දෙබස් පටන් ගන්නේ මේ ප්රශ්නය සමගය.

මම; අන්න සමලිංගිකත්වය නීතිගත  කරන්න යනවලු...

ඔහු; කොහෙද දැක්කේ?

මම; පත්තරේ. ඒකට ඇටෑක් එකට නියමෙට ලියලා තිබුණා..

ඔහු; ඇයි උබ සමලිංගිකත්වය නීතිගත  කරනවට කැමති නැද්ද?

මම; මම කොහොමත් straight. උබ එහෙම කතා කරන්නෙ උබ gay ද?

 
ඔහු; ඇයි උබ එහෙම හිතනව ද?

මම; උබ මුලින් කියපන්කො. ඊට පස්සේ මම හිතන දේ කියන්නම්. (gay or bi, I do not mind. It's human.)

ඔහු; I know. I am open too. Anyway I am totally not gay nor straight I think.

මම; It means you are a bi!

ඔහු; may be. my sexual experience is zero.

මම; "sexual experience" කිව්වේ?

ඔහු; I haven't had a serious sex with a man or a woman. දැන් ඔහොම කිව්වා කියලා උබ මං දිහා රුහිතෙට බලන්න එපා.

මම; පිස්සුද බං... කාටවත් කරදරයක් නැති උබට මොකට ද මම එහෙම කරන්නේ!

ඔහු; hiks

මම; would you like to have sex with a boy?

ඔහු; It depends. I have felt.

මම; on?

ඔහු; not recently.

මම; what is your first experience?

ඔහු; with a friend. but it can not determine my sexuality.

මම; Because?

ඔහු; according to psychology the sexual preference of a person is determined at the uterus.

මම; It would be better you tell it again in Sinhalese. මට තේරුණේ නෑ බං.

ඔහු; කෙනෙකුගෙ ලිංගික නැඹුරුව තීරණය වෙන්නේ ගර්භාෂයේ ඉද්දි කියලයි මනෝවිද්‍යාව කියන්නේ.

මම; හේතුව (පොතක් මොකක් හරි තියනවා නම් කියන්න. වැඩිදුර කියවන්න.) දැන් එතකොට උබට තීරණය වුණ එක මොකක් ද?

ඔහු; ඒක මං හිතන්නේ අහවල් වැඩසටහනෙදි අහවල් සර් කියපු වාසනාවන්තම එක... "where as the scientific consensus is that sexual orientation is not a choice. There is no simple, single cause for sexual orientation that has been conclusively demonstrated, but research suggests that is by a combination of genetic, hormonal and environmental influences, with biological factors involving a complex inter play of genetic factors and early uterine environment."

මම; දැන් එතකොට උබට තීරණය වුණ එක මොකක් ද?

ඔහු; තේරුණේ නැහැ.. ඒක මම හිතන්නෙ මම කලින් කියපු එක.

මම; උබේ orientation එක තීරණය උනේ කොහොම ද?

ඔහු; ඒක මං දන්නෙ කොහොමද බං! ඔය කලින් කියපු එක කියවපන්...

මම; උබව ඉන්ටර්වීව් කරන්න ඕනා.. රිසර්ච් එකකට.

ඔහු; හේතුව? අහවල් ආටිකල් එක කියවපන්.

මම; හේතුවක් ඕනද රිසර්ච් කරන්න! මම ආසයි රිසර්ච් කරන්න. ඉගෙන ගන්න පුළුවන් තවත් විදියක්නේ.

ඔහු; හික්ස්. ‍sexuality ගැන වැඩිය research කරන්න එපා. එපා වෙයි. නැත්නම් උබේ orientation එක වෙනස් වෙයි.
මොකෝ silent? මම පිස්සෙක් කියලා හිතුව ද?

මම; "උබේ orientation එක වෙනස් වෙයි." මළකෙළියයි!! ඒ මොකෝ?

ඔහු; උපතේදී අපි කොතන හිටියත් කාලෙකදි අපේ ලිංගික හැඩගැස්ම ඉබේම වෙනස් වෙන්න පුළුවන්. සමලිංගික හැඩගැස්මක් තියෙන කෙනෙකුට විෂම ලිංගික හැඩගැස්මක් ඇතිවෙන්නත්, විෂමලිංගික හැඩගැස්මක් තියෙන කෙනෙකුට සම ලිංගික හැඩගැස්මක් ඇතිවෙන්නත් පුළුවන්. ඒ වගේම කෙනෙකුට අවශ්‍යනම් තමන්ගේ ලිංගික හැඩගැස්ම වෙනස්කරගන්න, ඒකත් කරන්න පුළුවන්.

මම; මම ඒ ගැන ප්රවෙසම් වෙන්නම්.

ඔහු; හික්ස්!

මම; උබේ orientation එකත් එක්ක, උබට සමාජයේ ජීවත් වෙද්දි resistance එකක් feel වෙනව ද?

ඔහු; එහෙම වෙන වෙලාවල් තියනවා. දැන් ඒවා ගානක් නැහැ. මම දන්නවා මම වැරදි කාරයෙක් නෙමෙයි කියලා. මම කාටවත් කරදර කරන්නෙ නැහැ. It is my personal thing. That's it.

මම; හ්ම්...

ඔහු; දැන් ඕක දැන ගන්න කලිනුයි ඊට පස්සෙයි මං ගැන තිබුණ ප්රති රූපය කොහොම ද?

මම; එච්චර ලොකු වෙනසක් නැහැ. හේතුව, approach එක වෙනස්නේ. වෙන සිද්දියකින් දැන ගත්ත නම් උබත් එක්ක තරහ වෙන්නත් තිබ්බා!

ඔහු; :)

මම; අහවලා දන්නව ද උබ මෙහෙමයි කියලා? :o

ඔහු; නැහැ. උබ ඉතින් ඕවා හැමෝටම කියන්න යන්න එපා.

මම; කියනව නම් කියන්නෙ උබේ නම හංගලා. එතකොට හරිනේ!

ඔහු; මම වෙනස් කියලා දැනගෙන ඇයි මාව යාළුවෙක් විදියට ආශ්රය කරේ?

මම; මට උබේ අම්මා තාත්තා කව්ද ජාතිය මොකක්ද කියලා අදාල නැහැ. ඒ වගේමයි උබේ පෞද්ගලික මතිමතාන්තර. උබ මාත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද කියන එකයි වැදගත්.. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා උබ කවදා හරි 99% ක් වත් straight එකෙක් වේවි කියලා.

ඔහු; අයියෝ මල්ලි. ඕක ගැන එච්චර හිතන්න එපා. let it be. let it go!


නිමි!

උභය ලිංගික කාන්තාවක් සමග කර ඇති සාකච්චාවක් පහතින්.



විකීපීඩියා නිදහස් විශ්වකෝෂයෙන්.

Thursday, February 7, 2013

සමනළියක් වන්න..

හිතවත් සොහොයුරිය...


සමනළයක් වන්න
මල මත හි
මින් මල ලස්සන කරන..
එපා ඈත යන්න..
මලට ඔබව හරිම හැඩයි..
හදවත මනස සමබර
කර හසු නොවන ලෙස..
දකිමින් ලොව නිරුවත
නොවෙමින් ගො
ඳුර මලකට..
සිහිපත් කරමින් ඔබට
නොවෙමින්
බාඳුරා මල ක..!

Saturday, February 2, 2013

අද නිවාඩු...

එකිනෙක
හරියට හේත්තු නොවූ
ජනෙල් පියන්
අතරින්
මුහුණට වැටුණු
සැර හිරු එළිය
මා
අවදි කරවී ය...
දකුනත
නලළ මත තබා
ටික වේලාවක්
පොල් අතු
අතරින්
එක එල්ලේ
බලා සිටියේ
හිස් මනසකිනි...
තවදුරටත්
එසේ
නිකන් බලා සිටීමේ
තේරුමක් ‍නැති බව
දැනුන නිසාදෝ
නැගී සිට
කොට්ටය
පසෙක දමා
පැදුර
හකුලා
මුලු ගන්වා
ජනෙල් පියන්
විවර කළෙමි.

Thursday, January 31, 2013

ආශංසනය

සිනහව සඟවා ගත්
සුදු පිරුවට හැඳ ගත්
දෛවය දරා ගත්

වළා අතරින්
ඉදිරියට ඇදෙනා
සුරංගනාවී

තනිවී සිට දෝ
බෝ දුර පැමිණියේ
මා සොයා

වෙන දෙයකට සාර්ථකව
මුහුණ දෙන්නම්
එය නම් නියමය

හදවතින්ම පිළිගනිමි
ආදරයෙන් සිප ගනිමි
දැන්වත් සිනා වුව මැනවි

සුරංගනාවී...

Tuesday, January 29, 2013

Gorsky ඔබට මගේ සුභ පැතුම්!

සඳ මත පා තැබූ පළමු මිනිසා නැවත තම යානයට ඇතුළු වීමට පෙර සඳ මත දී, මෙසේ කීවේය. "Gorsky මහත්මයා ඔබට මගෙන් සුභ පැතුම්!!"... 
NASA ආයතනයේ සේවය කළ අයට "Gorsky" මහත් ‍ප්‍රහේලිකාවක් විය. එය රුසියානු ජාතික ගගනගාමියකුට නීල් ආම්ස්ට්‍රෝං විසින් කරන ලද හුදු ප්‍රකාශයක් යැයි සිතුනද කුතුහලය දනවන්නක් විය. සොයා බැලූ සගයන්ට දැන ගන්නට ලැබුණේ Gorsky කියා අභ්‍යවකාශ ක්ෂේත්‍රය සම්බන්ධ ඇමරිකානුවෙකු හෝ රුසියානුවෙකු නොමැති බ‍වකි...

නීල් ආම්ස්ට්‍රෝංගෙන් මාධ්‍යය කෙතරම් මේ පිළිබඳ ව විමසුවත් ඔහු කිසිවක් පැවසු නැත. ඒ නිසාම ඔහු පැවසූ දෙයින් ඇඟවූයේ කුමක් දැයි දැනගැනීමේ කුතුහලය තව තවත් වැඩි විය. 1995 වසරේ නොවැම්බරයේ දවසක එක්තරා සම්මුඛ සාකච්ඡාවදී මාධ්‍යවේදියෙකු එම පුරස්නය නැවත විමසන ලදී.

"ඔබගෙන් මම වසර 26 ක් පැරණි ප්‍රශ්නය අහනවා.. එදා ඔබ - Gorsky මහත්මයා ඔබට මගෙන් සුභ පැතුම්! - කියා අදහස් කළේ?"

"ඔව්... Gorsky මහත්මයා දැන් ජීවතුන් අතර නැති නිසා මට මෙයට පිළිවදන් දිය හැකි යැයි සිතනවා" යැයි කියමින් පැහැදිලි කිරීම පටන් ගත්තේ ය.

"මම පොඩි කාලේ ඉඳලා මට තිබුණු හීනයක් තමයි කවද හරි හඳට යන එක.. ඒ ගැන මම නිතරම කතා කළා. කොහොම හරි අපේ නිවසට යාබද නිවසෙ ජීවත් උනේ Gorsky මහත්මයා හා එම මහත්මිය. 
මායි මල්ලියි මිදුලෙ බේස් බෝල සෙල්ලම් කරද්දි නිතර ම බෝලේ ඒ වත්තට යනවා.. වීදුරු බිඳලා බැනුම් අහලත් තියෙනවා.
එක දවසක් සෙල්ලම් කරද්දි මල්ලි ගහපු පාරකට බෝලේ ගියා එහා වත්තට.. බෝලේ නැවතුනේ ඔවුන්ගෙ නිදන කාමරයෙ ජනේලය ළඟ. මම හිමින් සැ බෝලේ ගන්න ළඟට යද්දි ඇහුනා Gorsky මහත්මයයි මහත්මියයි බැන ගන්න‍වා.

...Gorsky මහත්මයගෙ යම්කිසි ඉල්ලීමකට Gorsky මහත්මිය දුන්නේ මේ වගේ ප්‍රතිචාරයක්, ''oral sex? oral sex ද තමුසෙට ඕනේ? එහා ගෙදර ‍පොඩි එකා හඳට ගියොත් නම් තමුසෙට හම්බෙයි, @#$#!!''.
මේක ඇහුනම මම කලකිරීමට පත් උනා... මගේ අරමුණ අනිත් අයට විහිළුවක් නිසා.. එදා මම හිතට ගත්තා මගේ ඉලක්ක වලට මම කොහොම හරි යනවා කියලා!

උනන්දුව බෝ කිරීමට කියවූ ඔබටත් යමක් එකතු කළ හැකි නම් අගනේය...









Wednesday, January 23, 2013

සිරස්තලය

කාලෙක ඉදලා හිතන් හිටියා බ්ලොග් එකක් ලියන්න. කෝමෙන් කෝමහරි වැඩේ කල් ගියා. දැන් මේ වෙනකොට ඕන කරන හැමදේම වගේ තියෙනවා, හා හා පුරා කියලා ලියන්න මාතෘකාවක් තමයි හිතා ගන්න අමාරු..
කාලෙකට ඉස්සර ලියන්න මාතෘකාවක් නම් තිවුනා. ඒ කොටස් වෙළඳපොළ ආයෝජනය ගැන.. ඒ ගැන ලියන්න හිතුනෙ මම ඒක ගැන හොයන්න සෑහෙන කට්ටක් කාපු නිසා. අනිත් අයට මම අමාරුවෙන් දැන ගත්ත දේ කියන්න. බලාගෙන ගියාම ඕන තරම් පිටු තියෙනවා සිංහලෙන් ඒ ගැන ලියලා.
අනාගතේ දවසක පිටුවකට හරවත් රසවත් දෙයක් අරගෙන එන්නම්!
කොහොම හරි අද තමයි මම බ්ලොග්කරනයට එන පළමු දවස.

 සිරස්තලය ගැන කතා කළොත් ඒක මගේ අදහසක්. එකයි දෙකයි තුනයි.. කියලා කියන කොට මුලින් හිතට එන්නේ ගණන් කරනවා වගේ අදහසක්. ඒත් ඊට පස්සෙ එකයි දෙකයි තුනයි කියන කොට දැනෙන්නෙ එකයි දෙකයි එකතු කිරීම තුනයි කියලා. හරියට පහළ පිංතූරෙ තියෙන දෘෂ්ටි මායාව වගේ...



එකයි දෙකයි තුනයි ගැන ඔයාලටත් දැනුන විධිය කොමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්න එපා.. හැමෝම හැමදේම දකින්නෙ එකම විදියට නෙමෙයි වෙන්න පුළුවන්! ස්තූතියි කියෙව්වාට!